March 29, 2024

"මෛත්‍රී බටහිරට ගැති පාලකයෙක් නම්, පුටින් රුසියාවේ එන්න කියයිද..?"

"බටහිර කුමන්ත්‍රණ" යන වචනය අපේ රටේ දේශපාලනයේ සුලභව භාවිතා වූ එක් වචනයකි. කාලයක් තිස්සේ භාවිත කිරීම නිසාත්, බටහිර හිතවාදී බලවේග විසින් අපේ රට මෙහෙයවනවා යැයිද, එක් එක් වූ සම්මක් ප්‍රලාපයන් නිසා නිරන්තරයෙන් ඇතැම් දේශපාලකයන් කරන ප්‍රකාශ නිසාත් බටහිර කුමන්ත්‍රණ පිලිබඳ අවධානය සහ වැදගත්කම අපේ රටේ මිනිසුන්ගේ හිස තුළ නිරන්තරයෙන් රැඳී පවතියි.

වත්මන් ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අමෙරිකාව ප්‍රමුඛ රටවල් එක් පසෙකින් යුධ වදිද්දී, අනෙක් පසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ප්‍රධාන කරගත් අනෙක් බල කඳවුරෙහි රුසියාව ප්‍රමුඛව, ඉහලින් වැජඹෙයි.

අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වුවත් තම මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ගේ නිරන්තර පහර කෑමට ලක් වූයේ ඇමෙරිකානු විරෝධි, බටහිර අධිරාජ්‍යවාදීන්ට නිරන්තරයෙන් පහර එල්ල කරන රුසියාව සමගින් රහස් සබඳතා පවත් වන බවට විවිධ චෝදනා එල්ල කරමින්ය. කෙසේ වෙතත් සියලු අභියෝග මැද ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයා තරඟ වැද අමෙරිකානු ජනාධිපතිවරනයෙන් ජය ගත්තේය. 

අප ට්‍රම්ප්ගේ ප්‍රතිවිරුද්ධ මතධාරීන් එල්ල කල චෝදනා සත්‍යයයි කියා ඒ අනුව සිතුවොත් ගම්‍ය වන්නේ  "දැන් අමෙරිකාවේ ජනාධිපති පත් කරන්නෙත් රුසියාවේ පූටින්ට ඕනේ විදිහට ඕනේ කෙනාවද" යන්නෙන් සිතා බැලිය හැක. මේ සියල්ල කිරා මැන බැලීමේදී ලොව ඉහළින්ම වැජඹෙන රුසියාව සමග අපේ රට පවත්වන සබඳතා ජාත්‍යන්තරව ගතහොත් කොයි තරම් වැදගත් වන්නේදැයි සිතා ගත හැකිය.

බටහිරට ගැති පාලකයෙක්..?

මේ අතර වාරයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් දඩි ලෙසම චෝදනා කරන දෙයක් නම් ඔහු බටහිර අමෙරිකානු රූකඩයක් වන බවයි. එම චෝදනාවට ප්‍රබල පිළිතුරක් අමෙරිකානු විරෝධී, අධිරාජ්‍ය විරෝධී, බටහිරට නිරන්තරයෙන්ම පහර එල්ල කරන රුසියාවේ පූටින්ම අපේ රටේ එම චෝදනා එල්ල කරන දේශපාලකයන් හට දැන් ලබා දී ඇත. 

ඒ වසර 44කට පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙක් රුසියානු ජනාධිපති වැල්ඩ්මීර් පූටින්ගෙන්  නිල ආරාධනයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රුසියාවේ නිල සංචාරයක නිරත වෙන ලෙස ලැබුනු ආරාධනාවයි. මේ ලැබුනු නිල ආරාධනය ශ්‍රී ලංකාවට මෑත කාලීනව ලැබුනු ඉහළම ජාත්‍යන්තර පිළිගැනීම ලෙසත් නිරන්තරයෙන් විවිධ අපවාද එල්ල කරමින් දේශපාලන පොර පිටියේ හිස් පුවත් මවනා දේශපාලකයන් හට ලබුණු නිසි පිළිතුරක් ලෙස දකිමි. 1974 දී එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෝවියට් රුසියාව නමින් හඳුන්වන කාලයේදී එරට සංචාරයේ යෙදුන බවත්, ඒ අනුව ගතහොත් සෝවියට් රුසියාව බිඳ වටීමෙන් පසුව රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු රාජ්‍ය නායකයා වීමේ ගෞරවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවෙනු ඇත.

වැල්ඩ්මීර් පුටින්. 

වැල්ඩ්මීර් පුටින් නම් නායකත්වය ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වන්නේ තනි මතයක් දරන කිසිවෙකුට යටත් නොවන්නාවූ චරිතයක් නිසාවෙනි. අමෙරිකාවට පමණක් නොව බටහිර කිසිඳු රටකටද ලෝකයේ අන් කිසිඳු රටකටද යටත් නොවනා පුටින්ගේ නායකත්වය ඔස්සේ පාලනය වන්නාවූ රුසියාව ත්‍රස්තවාදී බෙදුම් වාදයට රතු කොඩි වනනා ත්‍රස්තවාදය මුලින් උපුටා දමනා යුධ න්‍යෂ්ටික ශක්තියක් ඇති බලවත් රාජය්‍යකි.

මෙවැනි නායකත්වයක් අප ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන නම් ජන නායකයාට නිල චාරිකාවකට ඇරයුම් කරන්නේ පුටින් මෛත්‍රීපාල නම් චරිතයේ සුවිශේෂීතා දුටු නිසාවෙනි, මෛත්‍රීපාල සිරිසේන අ‍මෙරිකන් ගැත්තෙකු නොවන නිසාවෙනි,කොන්ද කෙලින් තබාගෙන නොබියව වැඩ කරනා අව්‍යාජ නායකයෙක් නිසාවෙනි.

සම්ප්‍රදායන් කඩමින් නිරත වන රුසියානු සංචාරය.

රුසියානු සම්ප්‍රදායට අනූව එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙකු විශේෂිත වූ ගුවන් යානයකින් පැමිණිය යුතු වනවා. ඒ අනූව, රාජ්‍ය ගෞරව පිරිනැමීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දූත පිරිසට රාජ්‍ය නායකයාට විශේෂිත වූ ගුවන්යානයකින් පැමිණෙන ලෙස රුසියාවෙන් දැනුම් දී ඇතත්, මෛත්‍රී ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති අතර රාජ්‍ය ගෞරව නොමැති වුවද සාමාන්‍ය ගුවන් යානයකින් පැමිණෙන බවයි දැනුම් දී ඇත්තේ. 

(පසුගිය කාලයේ හිටපු ජනාධිපතිවරයා මෙවැනි විදේශ සංචාර සදහා විශේෂිත වූ ගුවන් යානා භාවිතා කරනු ලැබු බවත්, ඒ සඳහා 100කට ආසන්න දූත පිරිසක් ද සහභාගී වූවා. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ නිල සංචාරය අවසන් වන තුරු එම ගුවන්යානා රඳවාගෙන සිටි බවට ද ඇතැම් මාධ්‍ය එකළ වාර්තාකර තිබුණා)

මේ කරුණු මෙසේ වෙද්දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු රජයට දැනුම් දී ඇත්තේ "මහජන මුදල් නාස්තිකාර අන්දමින් පරිහරණය කර කිසි දිනක රටට අගතියක් සිදුවන අන්දමේ කටයුතු කිරීමට තමා කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බවයි."

අත්වන ප්‍රථිලාභ.

වර්තමානය වන විටදි ශ්‍රී ලංකාව තනි රටක් ලෙසින් ගත හොත් නොමිලේ අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවේ පැමිණ අධ්‍යාපනය ලබන වැඩිම ප්‍රමාණය සහිත රට වන්නේ ශ්‍රී ලංකාවයි. ලොව කිසිඳු රටක් එවැනි වූ ශිෂ්‍යත්ව ප්‍රමාණ්යක් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බවත් සඳහන්. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිතව ඇති අනෙක් ආර්ථික ගිවිසුම් අතර ධීවර ගිවිසුම්, තාක්ෂණික ගිවිසුමක් තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට නියමිතව ඇති බවත් සඳහන්. එමෙන්ම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් හට රුසියාවට පමිණ විවිධ වූ තාක්ෂණික දේවල් සඳහා සහභාගිවීමේ අවස්ථාවත් මෙම ගිවිසුම් හරහා හිමි වන බව වාර්තා වේ.

මේ සකලවිධ කාරනා මැද සිදුවන එකම දෙයක් වේ නම් ඒ අපේ රට වත්මන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලනය හමුවේ ජාත්‍යන්තරව ඉහළටම නැගී එමින්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සෘජු නායකත්වය ඉහළින්ම පිළිගනිමින් වත්මන් ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා වන තරඟයේදී ශ්‍රීලංකාව ඉතා තීරණාත්මක රටක් බවට පත්වෙමින් ඇති බවත්ය. 

ජනාධිපති මාධ්‍ය අංශය

Rate this item
(0 votes)