September 23, 2017

මහින්දට වරාය ඇමැතිකම? කැබිනට් වෙනසට අගමැතිගේ කැමැත්ත

කැබිනට් මණ්ඩල සංශෝධනය අලුත් අවුරුද්දෙන් පසුව සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

එහිදී ප්‍රබල අමාත්‍ය ධුර කිහිපයක් සංශෝධනය වීමට නියමිත බවත්, ධීවර අමාත්‍ය ධුරය වෙනුවට මහින්ද අමරවීර ඇමැතිවරයාට වෙනත් ඇමැති ධුරයක් ලැබිමට නියමිත බවත් ආරංචි මාර්ග පවසයි.

බොහෝ විට මහින්ද අමරවීර ඇමැතිවරයාට වරාය අමාත්‍ය ධුරය ලැබෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයකට අගමැතිවරයාගේද විරෝධතාවයක් නැති බවත් සංශෝධනය වන අමාත්‍ය ධුර පිළිබඳ ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 March 2017 12:56