March 29, 2024

පළාත් සභා ඡන්දයේදී එජාපය වාසිය අතට ගනී

උතුරු මැද, නැගෙනහිර හා සබරගමු පළාත් සභාවල නිල කාලය මෙම වසරේ සැප්තැම්බර් මසදී අවසන් වීමට නියමිත හෙයින් මෙම පළාත් සභාවන් සඳහාද ඡන්ද පැවැත්වීමටද රජයට සිදුවී තිබේ.

මේ පිළිබඳව රජයේ මතය වී ඇත්තේ පළාත් සභා කිහිපයක් සඳහා වෙන් වෙන්ව ඡන්ද පැවැත්වීම මුදල් නාස්තියක් වන බවයි. ඒ අනුව පළාත් සභා මැතිවරණය රට පුරා එකවර පැවැත්විමට රජයේ අරමුණ වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් සෙසු බොහොමයක් පළාත් සභාවල නිලකාලය අවසන් විමට තව වසරක් පමණ බලා හිඳීමට සිදුවීම හේතුවෙන් රජයේ මෙම අරමුණටද බාධක කිහිපයක්ම එල්ල වී ඇත. ඒ අනුව රජයේ අවධානය මේ වනවිට යොමුව ඇත්තේ එවන් පළාත් සභා කිහිපයක් කලින් විසුරුවා නිල කාලය අවසන්වන පළාත් සභා තුන සමග එකට එක්කොට මැතිරණය පැවැත්විම පිළිබඳවයි.

එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසි දායක පළාත් සභා කිහිපයක් තෝරාගෙන මෙසේ ඒවා කලින් විසුරුවා මැතිවරණය පැවැත්වීමේ උත්සහයකද රජයේ එජාප පාර්ශ්වය මේ වනවිට නිරතවෙමින් ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. ඌව පළාත් සභාව, මෙසේ එජාපයට වාසිදායක වනු ඇති බවට සැලකෙන පළාත් සභාවකි. නමුත් එහි මැතිවරණය පැවැත්වුණේ මෑතකදී වන අතර එහි මහ අමාත්‍යධුරය දරන්නේ සම්පත් දසනායක මහතාය. ඔහු පළාත් සභාවට පැමිණියේ තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද කැප කරමින්ය. ඒ අනුව පළාත් සභාව කලින් විසුරුවා මැතිවරණයකට යාමට ඔහුගේ කැමැත්තක් නොමැති අතර ඔහු මේ පිළිබඳව තමා තුළ ඇති විරෝධය අවස්ථා කිහිපයකදීම පක්ෂයේ ප්‍රධානීන් වෙතද දැනුම් දී ඇත.

මේ අතර උතුරු පළාත් සභාවේ මහඇමැති විග්නේෂ්වරන් මහතාද මෙසේ තම පළාත් සභාව කලින් විසුරුවා හැරීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වන  බව වාර්තා වේ. මේ අනුව පළාත් පාලන මැතිවරණය වෙනස් කොට පළාත් සභා මැතිවරණය පැවැත්වුවද රජයට එයද මේ වනවිට බරපතළ ගැටලුවක් හා අර්බුදයක් බවට පත්ව ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 March 2017 08:40