April 24, 2024

මහින්ද ඉදිකළ භූගත මාලිගාවේ ගින්නක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ජනාධිපති මන්දිරයේ ඉදිකර තිබූ භූගත මාලිගාවේ ඊයේ (15) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් විදුලි කාන්දුවක් හේතුවෙන් හටගත් එම ගින්න සුළු මොහොතකින් නිවා දැමූ බව වාර්තා වේ.

කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය හා සම්බන්ධකොට එම පරිශ්‍රයේ භූගතව මෙම මන්දිරය ඉදි කොට ඇත. මෙම මන්දිරය පොළව යටට මහල් දෙකකින්ද පොළවෙන් මතුපිට මහල් 2 කින්ද යුක්ත වන අතර එක් මහලක වපසරිය වර්ග අඩි 3000 ක් පමණ වන බවත් මහල් හතරම වර්ග අඩි 12,000ක් පමණ වන බවත් වාර්තා වේ.

විදුලි සෝපානයක්ද මේ මහල් 4 සම්බන්ධකර ක්‍රියාත්මක වන අතර මුළු ගොඩනැගිල්ලම ස්වයංක්‍රීය වායුසමිකරණ පද්ධතියකින් සමන්විත අතර එය පැය 24 පුරාම නොකඩවා ක්‍රියාත්මක වී ඇත.

මෙම ගොඩනැගිල්ලේ සිට වරාය දෙසට උමගක් ද සැලසුම් කර තිබූ බව පැවසෙන අතර එහි කටයු‍තු අඩක් නිමකර නවතා දමා ඇත. 

මෙහි බිත්තියක පලල අඩි 4 කට වැඩි වන අතර ඒ සම්පූර්ණයෙන් යකඩ කම්බි යොදා වැර ගන්වන ලද කොන්ක්‍රීට් වලින් සමන්විතය. කොන්ක්‍රීට් ස්ලැබ් (තට්‍ටු) ද අඩි 4ක පමණ පළලින් යුතුය.

එමෙන්ම මෙම මන්දිරයේ තිබී ඇත්තේ ඉතාලියෙන් අනායනය කරන ලද ගෘහ භාණ්ඩ බව සඳහන් වේ.

Rate this item
(0 votes)