April 24, 2024

ආණ්‌ඩුව ගැන රතන හිමියෝ සියලු රහස්‌ හෙළිකිරීමට සැරසෙයි

February 26, 2017

ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ මෙතෙක්‌ හෙළි නොකළ රහස්‌ රැසක්‌ ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට හේතු සාධක රැසක්‌ බලපෑ බවද ජාතික පුවත්පකය ප්‍රකාශයක් ලබා දෙමින් උන්වහන්සේ සඳහන් කරති.

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් උන්වහන්සේ පැවසූහ.

මේ තත්ත්වය තුළ වත්මන් රජය බලයට ගෙන ආ පාර්ශවයන්ට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි යෑයිද රතන හිමියෝ අවධාරණය කළහ.

එසේම ජාතික හෙළ උරුමය තමන්වහන්සේට එල්ල කරන චෝදනා පිළිබඳවද කරුණු රැසක්‌ හෙළි කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 February 2017 11:50