April 20, 2024

අතලඟම ලොකු වෙනසක්: මහින්ද පිලේ පිරිසක් අද හෙටම ශ්‍රීලනිපයට

February 24, 2017

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරින් දෙවන පෙළ හා තෙවන පෙළ නියෝජනය කරන විශාල කණ්ඩායමක් ඉදිරි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අත්වැල් බැඳගනිමින් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉදිරියාමට සූදානම් බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී විශාල පරිවර්තනයක් වන බවත් පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව ඇතැමුන් මේවන විට ප්‍රකාශ කළද එදා පාර්ලිමේන්තුවේ සිටි සියලු දෙනා අත උස්සා නව ක්‍රමයකට එකඟ වූ බවත් ඇතුළේ එක් දෙයකුත් එළියට පැමිණ තවත් දෙයකුත් පැවසීම අනුමත කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසී ය.

පසුගිය දින කිහිපයේදී ශ්‍රීලනිපයට සම්බන්ධ පිරිසක් හමුවී සාකච්ඡා කළ බවත් මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත සංවිධාන ජාලයක් ලෙස ගමනක් ආරම්භ කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 February 2017 09:24