April 25, 2024

ඇමති ෆොන්සේකාගේ බලතල හා කාර්යයන් මෙන්න 

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අදාල කාර්යයන් හා කර්තව්‍යයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍ර‍යක් මගින් ප්‍ර‍කාශයට පත් කර තිබේ.

ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධනය සහ ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සුදුසු ආර්ථික හා සමාජ වැඩසටහන් සම්බන්ධීකරණය වීම අමාත්‍යාංශයට පවරා තිබේ.

එමෙන්ම නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශේෂ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම ද ප්‍රා දේශීය සංවර්ධන අමාත්‍යාංශයට පවරා තිබේ.

එයට අයත් දෙපාර්තමේන්තු ලෙස ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරණය හා ජනාවාස අධිකාරිය (හදබිම) ගැසට් නිවේදන මගින් ඇතුළත් කර තිබේ.

එමෙන්ම එම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජාතික ආහාර හා ප්‍ර‍වර්ධන මණ්ඩලය, මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය, පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය යන ආයතන කෘෂිකර්ම අමාත්‍යංශයට පවරා ඇත. 

Rate this item
(3 votes)
Last modified on Friday, 25 March 2016 00:53