April 24, 2024

ෆොන්සේකා එජාප කැළණිය සංවිධායක ධූරයට? 

කැලණිය ආසනය බාරගෙන වැඩ කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේන් තමාට ආරාධනාවක් ලැබුණාත් වැඩ කිරීමට සූදානම් බවත් ඒ පත් කිරීම තවමත් ක්‍රියාත්මක නොමැති  බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය කළ විමසුමකදී ය.

එහිදී ඔහු මෙසේද පැවසී ය. 

“කැලණිය ආසනය බාරගෙන වැඩ කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේන් මට ආරාධනාවක් ලැබුණාත් ඒ පත් කිරීම තවමත් ක්‍රියාත්මක නෑ.  එවැනි අවස්ථාවක් ලැබුණොත් කැලණිය ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට මගේ කුකුසක් නෑ. දේශපාලන අවශ්‍යතාවය මත කැලණිය ආසනය බාරගෙන එහි ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම්“ යැයි සරත් ෆොන්සේකා  මහතා පැවසී ය. 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 23 March 2016 12:12