April 19, 2024

මෛත්‍රී නිසා මහින්ද තේ කඩයකට

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවලගේ අවසන් කටයුතු කෙරුණේ පසුගිය බදාදාය. ඇගේ දේහය රත්නපුරට රැගෙන යාමට පෙර කුණ්ඩසා‍ලේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාලයට ගෙනවිත් ආගමික වතාවත් සිදුකර තිබුණි. බදාදා උදේ හතයි තිහ වන විට මෛත්‍රී ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියේය. මෛත්‍රී ටික වේලාවක් එහි සිට පිටත්ව ගියේය.

මෛත්‍රී ගොස් ටික වේලාවකින් එතැනට පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය.

“මෛත්‍රී දැන් ඉඳලා ගියා නේද? එයා ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. ඒ නිසා මම කිට්ටුව තියෙන තේ කඩයකට ගිහින් තේ එකක් එහෙම බිලා ටික වෙලාවක් බලාගෙන හිටියා. එයා ගියා කියන ආරංචිය ආවට පස්සේ තමයි මම මළගෙදරට ආවේ“ මහින්ද කීවේ එහි සිටි අයටය.

දැන් අපි බ්‍රහස්පතින්දා හයිඩ් පාර්ක් එකේ රැස්වීම තියනවා මහින්ද කීවේ හයිඩ් පාර්ක් රැස්වීමට පැමිණෙන අය ගැන අදහසක් ගැනීමටය.

“සර්, අපේ පැත්තෙන් බස් පනහකින් සෙනග ගේනවා“ එතැන සිටි අයෙක් මහින්දට කීවේය.

Rate this item
(4 votes)