April 24, 2024

තල්මසුන් 210ක් මරන්න ජපානය ලෑස්ති වෙයි

අන්තර් ජාතික යුක්ති ධර්මය පිළිබඳ උසාවියේ  තීන්දුවක් නිසා ඇන්ටාක්ටිකා මුහුදු ප්‍රදේශයේ තල්මසුන් දඩයම් කිරීම තහනම් කිරීම නිසා පැසිෆික් සාගරයේ තල්මසුන් දඩයම් කිරීම එළැඹෙන සතියේ ආරම්භ කරන බව ජපානය නිවේදනය කරයි. ධීවර කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි ප්‍රකාශ කළේ තල්මසුන් 210ක් ඝාතනය කිරීමට ඉලක්ක කරගෙන සිටින අතර මෙතෙක් අල්ලාගෙන සිටින ප්‍රමාණයෙන් එය අඩක් වන බවයි.

ලෝක තල්මස් දඩයමකට වැඩිම දායකත්වයක් සපයන ජපානය ලොව පුරා සිටින පරිසර හිතවාදීන්ගේ නොමඳ කෝපයට හේතුවී තිබේ. තමන්ගේ තල්මසුන් දඩයම පරීක්ෂණ කටයුතු සඳහා යැයි ජපානය තර්ක කළත් ධ්ඛ්බ් උසාවිය පසුගිය සතියේ තීන්දු කළේ ඇන්ටාර්ටික් සාගරයේ ජපානය සිදුකරන තල්මසුන් දඩයම පර්යේෂණ කටයුත්තක් නොව වාණිජ මසුන් මැරීමක් බවයි.

(සුදේශ් කරුණාතිලක )

Rate this item
(0 votes)