April 25, 2024

අත්හැර දැමූ උද්‍යානයේ හොල්මන් 

1775 වසරේ දී මිචෙල් ක්ලේ නමැති පවුල වෙස්ට් වර්ජිනියාවල අවුරුදු 08 ක් පමණ පදිංචි ව හිඳ තිබේ.

එලෙස ජීවත් ව සිටිය දී ඉන්දියානුවන් පිරිසක් එම පවුල සමූල ඝාතනය කර තිබේ.

එම ඝාතනයේ දී එම පවුලේ සිටි දරුවන් තිදෙනෙක් එම ස්ථානයේ දී ම මරණයට පත් ව ඇති අතර එක් ළමයෙක් ඔවුන් රැගෙන ගොස් පණ පිටින් ගිණි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

පසු කාලීන ව සිදු කළ විමර්ශන කටයුතුවලින් අනතුරු ව එහි පදිංචි ව සිටි පුද්ගලයින්ගේ සිරුරු 13 ක් හමු වී ඇත.

වර්තමානයේ එම භූමිය ඇමියස්මන්ට් පාර්ක් නමින් ක්‍රීඩා උද්‍යානයක් ඉදි කර ඇති අතර එහි මංගලාවතරණය 1920 දී සිදු ව තිබේ.

එහි ඇරඹීමත් සමග සම්මත විද්‍යා ගවේෂණවලට පරිභාහිර වූ සිදුවීම් රැසක් සිදු ව ඇතැයි වාර්තා වේ.

එම උද්‍යානයේ ඉදිකර තිබූ ඔංචිල්ලාවෙහි සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙක් අත්භූත ලෙස මරණයට පත් ව තිබේ. ශොවුනි නමැති ජලාශය ඒ අසල පිහිටා තිබූ අතර එහි ගිලී ළමයෙක් මරණයට පත් ව තිබේ.

එම උද්‍යානය පවත්වන ලද කාලය තුළ එවැනි මරණ 06 ක් පමණ සිදු වූ බව එම ක්‍රීඩා උද්‍යානයේ හිමිකරු පවසා ඇත.

එම ඛේදවාචකය හේතුවෙන් එම උද්‍යානය 1966 වසරේ දී වසා දමා තිබේ.

එහි ඇති ඔංචිල්ලාව නිරුත්සාහික ව පැද්දෙන ආකාරය සහ එම උද්‍යානයේ කුඩා දරුවෙකුගේ සිනා හඬක් ඇසෙන බවත් අවසන් වරට එහි පැමිණි භූත විධ්‍යාඥයන් සඳහන් කර තිබේ.

අමෙරිකාවේ පිහිටා ඇති එම උද්‍යානය තවමත් අත්හැර දැමූ ස්ථානයක් බවට පත් ව ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)