March 28, 2024

අමෙරිකාවට තර්ජනයක් 

යුක්රේන අර්බුදයෙන් අනතුරු ව අමෙරිකානුවන් රුසියාව පිළිබඳ දරන මතය සම්බන්ධයෙන් ජනමත සමීක්ෂණයක් සීඑන්එන් ප‍්‍රවෘත්ති සේවය මගින් පවත්වා තිබේ.

එහි දී 69% ක් අමෙරිකානුවන් ප‍්‍රකාශ කර ඇත්තේ රුසියාව අමෙරිකාවට තර්ජනයක් බවයි. 

අවසන් වරට එවැනි සමීක්ෂණයක් පවත්වා ඇත්තේ 2012 වසරේ දී ය. එහි දී ලබා ගත් දත්තවලට වඩා 25% ක් වැඩි අමෙරිකානුවන් රුසියාව සිය රටට තර්ජනයක් බව ප‍්‍රකාශ කිරීම විශේෂත්වයකි.

රුසියාව තර්ජනයක් නොවන බව 53% ක් අමෙරිකානුවන් වසර දෙකකට පෙර ප‍්‍රකාශ කළ අතර එම ප‍්‍රතිශතය දැන් සියයට 10% කින් පහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)