April 19, 2024

පෘථිවියට සමාන ග්‍රහලෝකයක් 

පෘථිවියට ප්‍රමාණයෙන් සමාන ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් ඉතා ඈත තරුවක් වටා භ්‍රමණයවන ආකාරය නාසාහි හබල් දුරේක්ෂය භාවිත කරගෙන නිරීක්ෂණය කර ඇතැයි වාර්තා වේ.

තරුවේ සිට එම ග්‍රහලෝකයට ඇති දුර ප්‍රමාණය සලකා බලන විට එහි මතුපිට ජලයෙන් පිරුණු ස්වරූපයක් තිබිය යුතු ව ඇතැයි අභ්‍යවකාශගාමීහු කියති.

වෙනත් ග්‍රහයන්ට වඩා එම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර වෙතැයි විද්‍යාඥයන් තහවුරු කරගෙන තිබේ. 

මීට පෙර ජීවත්විය හැකි පරිසර සහිත ග්‍රහලෝක සොයා ගැනුණ ද ඒවා පෘථිවියේ ප්‍රමාණයට වඩා 40% ක් පමණ විශාල වූ බැවින් ඒවායේ තත්ත්ව පිළිබඳ තක්සේරු කිරීම අපහසු විය.

එම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 500ක් ඈතින් පිහිටා ඇතැයි ගණනය කර ඇත.

Rate this item
(0 votes)