March 28, 2024

යානය පැහැර ගැනීමක් ?

පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය කිසියම් පිරිසක් පැහැර ගෙන ඇති බවට නිශ්චිත ව නිගමනය කළ නොහැකි බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන මැලේසියානු පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානියා සඳහන් කර තිබේ.

මැලේසියානු පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී අසරුදීන් අබ්දුල් රහුමාන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ බව සඳහන් කළේ ය.

කෙසේ වුව ද ගුවන් යානා හැසිරවීමේ මනා පළපුරුද්දක් සහිත පිරිසක් සන්නිවේදන මාර්ග අකි‍්‍රය කර එම පැහැර ගැනීම සිදුකර ඇති බවට ඔවුන් තුළ පවතින සැකය ද මෙතෙක් සම්පූර්ණයෙන් ම පහව ගොස් නොමැති බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 March 2014 11:26