April 19, 2024

පෘථිවියට සමාන ග්‍රහලොවක් 

පෘථිවියට වඩාත් සමාන නව ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇතැයි නාසා ආයතනය පවසයි.

Kepler-186f ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය විශාලත්වයෙන් ද පෘථිවියට සමාන බව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් ඇඩම්ස් පවසයි.

මෙම ග්‍රහලෝකය මත ජලය ද්‍රව බවට පත්වීමට අවශ්‍ය උෂ්ණත්වයක් ද පවතින බව ඔහු පෙන්වා දී තිබේ.

අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් මෙම ග්‍රහ ලෝකය සොයාගෙන ඇති අතර එහි පාරභෞමික ජීවයක් පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

 

Rate this item
(0 votes)