April 23, 2024

එවරස්ට් කන්දට ගිය 12ක් මරු තුරුලේ 

ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දට ඇද හැළුණු හිමපතනය හේතුවෙන් එය තරණය කිරීමට ගොස් සි‍ටි පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය සියලු දෙනාම නේපාල ජාතික කඳු නගින්නන් බවත් එළඹෙන එවරස්ට් කඳු නැගීමේ සමයට පෙර කඳු මුදුන පිරිසිදු කිරීම සඳහා ඔවුන් එහි ගොස් ඇති බවත් වාර්තා වේ.

ඔවුන් හිම කඳු මත යටවන්නට ඇතැයි විශ්වාස කෙරේ. අද (18) අලුයම් කාලයේ සිදුවූ මෙම හිමපතනයට යට වූවන් සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පොළොව මට්ටමේ සිට අඩි 19000ක් ඉහළට එවරස්ට් තරණය කර සිටි පිරිසක් මෙම හිමපතනයට යට වී ඇත.

 

Rate this item
(0 votes)