April 24, 2024

අතුරුදන් යානය සෙවීම සාර්ථකයි

අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය සොයා ගැනීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනය යොදා ගැනීමට දැරූ තුන්වැනි උත්සාහය සාර්ථක වී ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

මීට පෙර දැරූ උත්සාහයන් දෙකම කාර්මික දෝෂ මතු වීම නිසා අසාර්ථක වූ අතර මෙම රොබෝ සබ්මැරීනය මේ වනවිට සෝදිසි මෙහෙයුම් සීමා කර ඇති ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර අනූවක් පමණ වූ මුහුදු පතුල පරීක්ෂා කර තිබේ.

නමුත් මේ වනතෙක් සැලකිය යුතු හෝඩුවාවක් දැන ගන්නට ලැබී නොමැති බව මැලේසියානු ගමනාගමන ඇමති හිෂමුද්දීන් හුසේන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොබෝ සබ්මැරීනය මුහුදු පතුලේ පැහැදිලි දර්ශන ලබා දී ඇති නිසා ඉදිරි නිරීක්ෂණ කටයුතු පිළිබඳව බලාපොරොත්තු සහගත විය හැකි බව ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 18 April 2014 09:29