March 29, 2024

මිචෙල්ගේ සාය රැකගන්න ඔබාමා ලොකු සටනක

උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ ගුවන්යානයෙන් බසිද්දී මෙන්ම නැවැත ගුවන් යානයට නඟිද්දී ඇමෙරිකානු ජනාධිපති ආර්යාව මුහුණ පෑ අසීරු අවස්ථාවක් ඡායාරූපයට නඟා ගැනීමට නොහැකි වූයේ ජනාධිපති බැරැක් ඔබාමාගේ අවස්ථාවෝචිත හා කඩිනම් ක්‍රියාකාරිත්වය නිසා යැයි එහි සිටි මාධ්‍යවේදීහු පවසති. මාධ්‍යවේදීන්ට අනුව නම් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඔවුන්ට මඟහැරී ඇත්තේ මිෂෙල් ඔබාමා වෙතින් දැක ගන්නට හැකියාව තිබූ මැරිලින් මොන්රෝ ආකාරයේ දසුනකි.

ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්හි පින්ඩන් බී. ජොන්සන් ජනාධිපති පුස්තකාලයේ පැවැති දේශනයකට සහභාගිවීම සඳහා ඉකුත් දා බැරැක් ඔබාමා ජනාධිපතිවරයා සමඟ මිෂෙල් ඔබාමා ද පැමිණ තිබේ. එම උත්සවයට පැමිණීම සඳහා ගුවන් යානයෙන් බැසීමේදී මෙන්ම උත්සවයෙන් පසු පිටව යෑම සඳහා නැවැත ගුවන් යානයට නැඟීමේදීද මිෂෙල් ඔබාමා එක සමාන වූ අසීරු අවස්ථාවකට මුහුණ පා ඇත. ඒ එහි පැවැති සුළං තත්ත්වයක් හේතුවෙන් ඇය ඇඳ සිටි නිල් සහ කළු ඉරි සහිත කොට සාය ඉහළට එසවීමට යෑමයි. අවස්ථා දෙකේදීම වහා ක්‍රියාත්මක වූ ජනාධිපති බැරැක් ඔබාමා තම බිරියගේ ගරුත්වය රැක ගැනීම සඳහා සිය දෑතින් ඇයගේ කෙටි සාය සුළඟින් ඉහළට එසවී යෑම වැළැක්වීය.

(සුදේශ් කරුණාතිලක -බහරේන් )

Rate this item
(0 votes)
Last modified on Monday, 21 April 2014 09:23