April 20, 2024

නිවුස්වීක් නැවත එයි 

කාලීන තොරතුරු පිළිබඳ සඟරාවක්වන නිවුස්වීක් නැවැත වරක් මුද්‍රිත මාධ්‍යයෙන් එළිදක්වන බව එහි ප්‍රධානීහු පවසති.

එම අමෙරිකානු සඟරාව ඩිජිටල් ප්‍රවෘත්ති සමාගමක් විසින් මිල දී ගැනීම හේතුවෙන් නව පාලකයෝ එම තීරණයට එළැඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 80 ක් පුරා මුද්‍රිත මාධ්‍යයෙන් එළිදැක් වූ නිව්ස්වීක් සඟරාව 2012 දෙසැම්බර් මාසයේ එහි මුද්‍රිත සංස්කරණය නතර කර අන්තර්ජාලයේ විද්‍යුත් මාධ්‍යයෙන් පමණක් ප්‍රකාශය කෙරිණි.

එහි දැන්වීම් ආදායම ශීඝ්‍රයෙන් පහළ වැටීම හේතුවෙන් අන්තර්ජාලය සංස්කරණයට පෙළඹ තිබේ. 

දැන්වීම් ආදායමට වැඩි නැඹුරුවක් නොයොදා නව අලෙවි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තමන් පියවර යොදා ඇති බව නව හිමිකරුවෝ ප්‍රකාශ කරති.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 March 2014 13:20