April 24, 2024

මෝඩිට විවේචන 

සිය අගමැති ධූර අපේක්ෂයා වශයෙන් භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍ර මෝඩි තෝරා ගැනීම සාර්ථක ව සූදුවක යෙදීමක් බවට විචාරකයෝ මත පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෝඩිට ජනතා ප්‍රසාදය මෙන් ම අප්‍රසාදය ද එක ලෙස එල්ලවන බව නියත යැයි ද ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති.

ගුජරාට් ප්‍රාන්තයේ සෞභාග්‍යය වෙනුවෙන් එම ප්‍රාන්තයට නායකත්වය සැපයීමෙන් රටේ පාලනයට ඔහු සුදුසු බව නිසැක ව ම පෙනී යන්නේ යැයි ඔහුගේ ආධාරකරුවෝ විශ්වාස කරති.

ගුජරාටය තම පාලනයේ පැවැති 2002 වසරේ ඇති වූ ජාතිවාදී කෝලහාලවලට සමාව ඉල්ලීමෙන් තවමත් වැළැකී සිටින මෝඩිට ඇතැම් විචාරකයෝ තම දැඩි විවේචන ද එල්ල කරති.

Rate this item
(0 votes)