April 20, 2024

යානය සොයා මහ සයුර පීරයි 

මැලේසියානු ර්ඩ් 370 ගුවන් යානය සොයා නිරීක්ෂණ කණ්ඩායම් මහ සයුර පීරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් මේ වනතුරු ඒ සම්බන්ධයෙන් නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. මේ අතර ගුවන් යානය බටහිර මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට පියාසර කළැයි සඳහන් වාර්තා මැලේසියා ගුවන් හමුදා ප්‍රධානියා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නැගෙනහිර වියට්නාම් අහසේ ගිණි බෝලයක් තමා දුටු බවට වියට්නාම ජාතිකයකු කළ ප්‍රකාශය හේතුවෙන් ඒ සම්බන්ධ ව පරීක්ෂණයක් පැවැත්වීමට වියට්නාමය කණ්ඩායමක් යවා ඇතැයි ද වාර්තා වේ.

අතුරුදන් වූ ගුවන් යානය සෙවීම සඳහා රටවල් කිහිපයක ම කණ්ඩායම් මේ වනවිට නිරීක්ෂණ කාර්යයේ නිරත වී සිටිති. ගුවන් යානා 34 ක්, නෞකා 40 ක් පමණ විවිධ රටවල් විසින් සෙවීමේ කටයුතුවලට යොදවා තිබේ.

දකුණු චීන මුහුදෙන් හෝ මලක්කා සමුද්‍ර සන්ධියෙන් හමු වූ සුන්බුන් හෝ තෙල් පැල්ලම් අතුරුදන් වූ ගුවන් යානය සම්බන්ධ බවට කිසිදු හෝඩුවාවක් මෙතෙක් තහවුරු වී නොමැත.

යානයේ අතුරුදන්වීම පිළිබඳ ත්‍රස්තවාදී සබඳතාවක් ඇතැයි යන්න බැහැර කළ නොහැකි වුව ද ඒ පිළිබඳ තහවුරු කෙරෙන තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බව අමෙරිකා එක්සත් ජනපදයේ සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් මහතා පවසයි.

Rate this item
(0 votes)