March 29, 2024

භාරතීය ජනතා පක්ෂයෙන් ආන්දෝලාත්මක ප්‍රතිපත්තියක්

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිපක්ති ප්‍රකාශය එළි දක්වමින් අයෝධ්‍යා පුරවරයේ හින්දු දේවස්ථානයක් ඉදිකිරීමට අවස්ථාව දෙන බව එම පක්ෂයේ අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි සඳහන් කර ඇත.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් එම ප්‍රකාශය මතබේදයට තුඩු දිය හැකි කරුණක් බව ඉන්දීය දේශපාලඥයින් ප්‍රකාශ කරයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රන්තයේ අයෝධ්‍යා පුරවරයේ අයිතිය ස්ලාම්වරුන් විසින් දැඩිව ඉල්ලා සිටීම නිසා මෙය මතබේදයට තුඩු දෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් නරේන්ද්‍ර මෝඩි අවධාරණය කර ඇත්තේ යහපාලනය සහ සංවර්ධනය තම මූලික ප්‍රතිපත්තිය බවයි.

Rate this item
(0 votes)