April 25, 2024

ලෝකයේ දීර්ඝතම ඡන්දය ඇරඹේ

ලෝකයේ දීර්ඝතම ඡන්ද විමසීම හැටියට සැලකෙන ඉන්දියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම අද(07) ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමේ සඳහා පැවැත්වෙන මෙම මැතිවරණය සඳහා මාසයකට අධික කාලයක් ගත වන බව වාර්තා වෙයි. 

මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය දීමට කෝටි අසූවකට අධික ඉන්දියානු පුරවැසියෝ සුදුසුකම් ලබා තිබේ.

මැතිවරණය අද(07) ආරම්භ වීමත් සමඟ පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම ඊශාන දිග ඉන්දියාවේ ඇසෑමයේ ඡන්දදායකයන්ට හිමිවන බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 14:05