April 25, 2024

ජනපති තෝරන්න ජනතාවගේ පොර කෑම

ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ දී ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ජන්ද දායකයන්ගෙන් සියයට 58ක් ජන්දය භවිතා කර ඇතැයි එරට බලධාරීන් විසින් ගණන් බලා තිබේ.

නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ඇෆ්ඝන් ජනතාව ඉතා උනන්දුවෙන් ජන්ද ප්‍රකාශ කිරීම සඳහා සහභාගී වෙමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇතැම් ජන්ද පොළවල මැතිවරණ ලිපි ලේඛන අවසන් වීම නිසා ඒවා යලි සැපයීමට පවා සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ඇෆ්ඝන් ජනතාව විශාල ප්‍රමාණයක් තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහභාගී වී ඇති බවත් වාර්තා වෙයි.

රජය විසින් යොදා ඇති දැඩි ආරක්ෂක විධි විධාන හා පවතින තද වර්ෂාවද නොතකා ජනතාව වීදි පුරා රැස් වී විනෝදවීම සැණකෙළි සිරියක් ගත් බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

Rate this item
(0 votes)