April 19, 2024

මැලේසියානු යානයෙන් සංඥාවක්

අතුරුදහන් මැලේසියානු යානය සොයා ගැනීමේ මෙහෙයුමේ නිරත තම නැවකට දකුණු ඉන්දීය සාගරයෙන් සංඥාවක් හසුව ඇතැයි චීනය ප්‍රකාශ කර තිබේ.

ගුවන් යානාවල කළු පෙට්ටි සොයා ගැනීමේ උපකරණ වලින් සමන්විත තම නෞකාවට ගුවන් යානා තොරතුරු පටි ගත කෙරෙන යන්ත්‍රවලින් නිකුත් කෙරෙන ආකාරයේ කෙටි තරංග සංඥා පෙළක් හසු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය මගින් නිවේදනය කර ඇත.

නමුත් එම සංඥා MH 370 අතුරුදහන් මැලේසියානු යානයට සම්බන්ධ වූවක් ද නැද්ද යන්න තවම සොයා ගෙන නොමැති බවත් කෙටි වෙලාවකට සීමා වූ එම සංඥා පටි ගත කර ගැනීමට චීන නැවියන් අසමත් වූ බව ප්‍රකාශ කර ඇති බවත් බීබීසී ලෝක ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

MH 370 මැලේසියානු යානය මගීන් 239 දෙනකු සමඟ අතුරුදහන් වී මාසයක් ඉක්ම ගොස් තිබේ.

Rate this item
(1 Vote)