April 24, 2024

ඉතාලි මාෆියා කල්ලි නායක දැලේ  

ඉතාලියේ සිසිලි මාෆියා කල්ලියේ නායකයා ලෙස සැලකෙන ඩොමෙනිකෝ රැන්කඩෝර් එංගලන්තයේ දී ඊයේ යළි අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමය හරහා ඉතාලිය ඉදිරිපත් කළ නව ඉල්ලීමකට අනුව මේ වනවිට ඔහු යළි අත්අඩංගුවට ඇත.

ප්‍රොෆෙසර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 65 හැවිරිදි  ඩොමෙනිකෝ රැන්කඩෝර් 1987 සිට සිසිලි මාෆියා කල්ලියේ නායකයා ලෙස කටයුතු කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)