April 16, 2024

අමෙරිකා යුද කඳවුරක වෙඩි තැබීමක්

අමෙරිකා එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුර තුළ හමුදා සොල්දාදුවෙකු සිදු කළ විවෘත වෙඩි තැබීමකින් තිදෙනෙකු මියගොස් තවත් 16දෙනෙකු තුවාල ලබා තිබේ.

එම සිද්ධියෙන් අනතුරුව වෙඩි තැබූ සොල්දාදුවා ද එම ගිනි අවියෙන් ම තමාට වෙඩි තබා ගෙන ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ෆෝට් හුඩ් කඳවුර එක්සත් ජනපදයේ විශාලතම යුධ හමුදා කඳවුර වන අතර එම ආයුධ සන්නද්ධ පුද්ගලයා 2011 වසරේ දී සොල්දාදුවෙකු ලෙස ඉරාකයේ සේවය කළ අයෙකු බව වාර්තා වේ.

ඔහු විසින් යුධ හමුදා කඳවුරට ගෙනෙන ලද අර්ධ ස්ව‍යංක්‍රීය පිස්තෝලයක් උපයෝගී කර ගනිමින් යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදී තම සේවා සාමාජිකයන් හට විවෘත වෙඩි තැබීමක නිරත වී තිබේ.

Rate this item
(0 votes)