April 19, 2024

චිලී දේශයට සුනාමි

චිලී දේශයේ උතුරු ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපක 8.2 ක ප්‍රබල භූමි කම්පාවක් හේතුවෙන් සුනාමියක් ඇති වී ඇති අතර ඉන් පුද්ගලයින් 05 දෙනක් මරණයට පත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පතල් පිහිටන ප්‍රදේශයක්වන ඉකුයිකුවල සිට කිලෝමීටර් 86 ක් වයඹ දිග ප්‍රදේශයේ ඇති වූ එම අනතුරු එරට වේලාවෙන් රාත්‍රි 8.46 ට සිදු වී ඇත.

විදුලිබලය බිඳවැටීම්, ගිනිගැනීම් සහ නායයෑම් ද ඒ හේතුවෙන් සිදු වී තිබේ. 

බිඳවැටුණු බිත්තිවලට යටවීමෙන් හා හෘදයාබාධ හේතුවෙන් වැඩි දෙනකු මරණයට පත් ව ඇතැයි බලධාරීහු කියති.

Rate this item
(0 votes)