March 28, 2024

ඇමති ආසනයට තුල්සි සටන් කරයි 

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇමති ආසනය සඳහා තරග කිරීමට භාරතීය ජනතා පක්ෂය එරට සුප්‍රසිද්ධ නිළියක්වන ස්මිත්‍රි ඉරානි තෝරා ගෙන තිබේ.

එළැඹෙන ඉන්දීය මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරෙහි ඇය තරග කරයි.

ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය රූපවාහිනි ටෙලි නාට්‍යක් වූ 'මහ ගෙදර' නාට්‍යයේ තුල්සි චරිතය රඟපෑ ඉරානි ඉන්දියාවේ ජනප්‍රිය නිළියකි. 

පහළ මන්ත්‍රි මණ්ඩලයට මන්ත්‍රිවරුන් තෝරා ගන්නා එම මැතිවරණයේ දී මිලියන 814ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. 

ඉරානි ගාන්ධිට එරෙහි ව තරග වදින උත්තර් ප්‍රදේශ්හි ඇමති ආසනය ඉන්දියා මැතිවරණයේ ප්‍රබලම සටන් බිම වශයෙන් සැලකේ.

Rate this item
(0 votes)