April 25, 2024

2005 අද වැනි දවසක 

ජෝන් පොල් නමැති දෙවැනි පාප් තුමා 80 වැනි වියේ දී 2005 අද වැනි දවසක මරණයට පත් ව තිබේ.

වතිකානුවේ සිය පෞද්ගලික නිවාසයේ දී එරට වේලාවෙන් පස්වරු 09.37 ට හෙතෙම මරණයට පත් ව ඇත.

පල්ලියේ ඝණ්ඨාර නාදය නගරය සිසාරා පැතිරෙනවිට එම පාප් තුමාට ගෞරව දැක්වීම සඳහා රෝමයේ දහස් ගණන් පිරිස් ශාන්ත පීතර චතුරස්‍රය අසලට රැස් ව සිටියහ.

එතුමා මරණයට පත්වන විට හෘද රෝගයකින් පෙළි සිටි බවත් හෙතෙම ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)