March 28, 2024

Xscape නමින් ඇල්බමයක් 

එක්ස්කේප් "Xscape" නමින් නවත ම ඇල්බමයක් එපික් පටිගත කිරීමේ ආයතනය මගින් එළි දැක්වීමට නියමිත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ජීවතුන් අතර නොමැති ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක්වන මයිකල් ජැක්සන් සමග කළ පටිගත කිරීම්වල අවසාන ප්‍රතිඵලය ප්‍රේක්ෂකයන් අතරට පත් කිරීම එහි විශේෂත්වයකි.

එහි ඇතුළත් Xscape නමැති ගීතිය උකහා ගනිමින් එම ඇල්බමය Xscape නමින් නම් කර ඇත.

එම Xscape ගීතයේ රචකයා සහ නිෂ්පාදකවරයාවන්නේ ජැක්සන් සහ ජර්කින් ය.

Rate this item
(0 votes)