March 29, 2024

චීන ජාතිකයින් ඥාතීන් සොයා ක්වාලාලාම්පූර් වෙතට 

අතුරුදන් වූ MH - 370 යානයේ සිටි චීන ජාතිකයින්ගේ ඥාතීන් සිය හිතවතුන්ට සිදු වූ දේ පිළිබඳ දැන ගැනීම සඳහා මලයාසියානු බලධාරීන් හමුවීමට ක්වාලාලාම්පූර් නගරයට පැමිණ තිබේ.

තමන්ට ප්‍රමාණවත් තරම් විස්තර ලැබී නොමැතිවීම හේතුවෙන් එරට අගමැතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරා මුන හමුවීමට එම පුද්ගලයින් අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

මැලේසියානු තොරතුරු මූලාශ්‍ර සපයන දේ ප්‍රතික්ෂේප කරන චීනයේ ඇතැම් ඥාතීහු තමන්ට පිළිගත හැකි තොරතුරු ලබාදෙන ලෙසට බල කරන බව වාර්තා වේ.

ක්වාලාලාම්පූර් වෙත ගොඩබැස්ස වහා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මේ අය තමන්ට තහවුරු කිරීමේ සාක්ෂි අවශ්‍ය බව කීහ. 'මිනීමරුවන් හෙළි කරනු', 'අපේ ඥාතීන් ආපසු ලබාදෙනු' ආදි සටන් පාඨ රැගත් විරෝධතා පුවරු ද එම පුද්ගලයින් ප්‍රදර්ශනය කළහ.

Rate this item
(0 votes)