March 29, 2024

සිහිනවලට ස්මාර්ට් ෆෝන් ඇප් එකක් 

සුන්දර සිහින දැකිය හැකි ස්මාර්ට් ෆෝන් ඇප් එකක් නිර්මාණය වෙයි.

'Dream:ON' ලෙස නම් කර ඇති එම ඇප් එක මගින් නින්දේ දී සුන්දර සිහින දැකීමට අවස්ථාව සලසා දෙන බව වාර්තා වේ.

එම ඇප් එක මගින් නින්දට සැරසෙන පුද්ගලයාගේ දෙසවනට විවිධ ශබ්ද තරංග නිකුත් කරන අතර එමගින් පුද්ගලයා සුන්දර සිහිනයකට යොමු කිරීම සිදු කෙරේ.

වනගත ශබ්ද, මුහුදු වෙරළක ශබ්ද, ආදී විවිධ සුන්දර අවස්ථාවල ශබ්ද දස දහස් ගණනක් එම ඇප් එකට ඇතුළත් කර තිබේ.

රාත්‍රියේ සුභ සිහින දැකීම උදෑසන අවදිවන පුද්ගලයාගේ කාර්යක්ෂම භාවය වැඩි කරවන බව විද්‍යාඥයින් පවසා තිබේ.

Rate this item
(0 votes)