April 25, 2024

ඇමෙරිකාව සමඟ නව ගමනක් යන්න හදන ජපානයේ නව අගමැති

September 17, 2020

ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක් තමන් ක්‍රියාත්මක කරන බව ජපානයේ නව අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා විසින් පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේ දීම ප්‍රකාශ කළේය.

ඊට අමතරව චීනය සහ රුසියාව සමඟ ස්ථාවර සබඳතා ඇති කර ගැනීම සඳහාද තමන්ගේ අවධානය යොමුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

නියාමනය ඇතුළු ප්‍රතිසංස්කරණ ගෙන යන අතරම හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්තිය වූ ‘අබෙනොමික්ස්’ (Abenomics) වර්ධන ප්‍රතිපත්තිය සමඟ ඉදිරියට යෑමට සුදානම් වන නව අග්‍රාමාත්‍යවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් නැවත තමන්ගේ කැබිනට් මණ්ඩලයට බඳවා ගැනීමට සුදානම් ව සිටින බවත් සඳහන් වෙයි.

71 හැවිරිදි සුගා කියා සිටියේ ජපාන-එක්සත් ජනපද සන්ධානය විදේශ ප්‍රතිපත්තියේ පදනම ලෙස පවතිනු ඇති බවයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගමැති සුගාගේ දිවුරුම් දීමේ අවස්ථාවට සුබ පතා ඇති අතර ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (16) කියා සිටියේ “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් සාගරයේ දැක්ම” ඉදිරියට ගෙන යාම සඳහා ඔහු සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි.

Rate this item
(0 votes)