March 29, 2024

ජපාන කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි

September 16, 2020

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය සියලු තනතුරු සහ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ඉල්ලා අස්වීමට හේතුව වී තිබුණේ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වන යොෂිහයිඩ් සූගා හට තමන්ගේ නව අමාත්‍ය මණ්ඩලය සහ නායකත්වයේ වගකීම් ගැනීමට ඉඩ ලබා දීම සඳහාය.

තම අවසාන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ කියා සිටියේ ඔවුන් බලයට පත්වූ දින සිට සෑම දිනකම ජපානයේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ආර්ථික ප්‍රකෘතිය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වෙනුවෙන් තමා තමන්ගේ ශරීරය සහ ආත්මය කැප කළ බවයි.

ස්වයං-ප්‍රතිසංස්කරණවාදියෙකු වන නව අග්‍රාමාත්‍ය සූගා පවසා තිබුණේ තම ධූරයේ ප්‍රමුඛතාවය ලබා දෙන්නේ කොරෝනා වෛරස් වසංගතය එරෙහිව සටන් කිරීමත් සෞඛ්‍ය අර්බුදය හමුවේ අභියෝගයට ලක්ව තිබෙන ආර්ථිකය යළි ගොඩනැගීමත් බවයි.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා වන අබේ ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමටද තමන් සුදානම් බව නව අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දෙමින් පවසා තිබේ.

ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධූරය දැරූ ෂින්සෝ අබේ මහතා පසුගිය අගෝස්තු මාසයේ දී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හේතුකොට ගෙන සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර ඔහුගේ අනුපාත්‍රිකයා වන යොෂිහයිඩ් සූගා හට ජනතාවගේ සහය ලබා දෙන මෙන්ද ඔහු ඉල්ලා සිටියේය.

Rate this item
(0 votes)