April 18, 2024

ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 25කට කොරෝනා

September 15, 2020

මාස හයකට පමණ පසුව ඊයේ (14) දිනයේ දී ඉන්දියානු පාර්ලිමේන්තුව ප්‍රථමවරට රැස්විය.

ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ව වැඩිදුර පරික්ෂණ සඳහා යොමු කර ඇතිබවද ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මේ අතර පහළ මන්ත්‍රී මණ්ඩලය සිටින ලෝක් සභාවේ සාමාජිකයන් 17 දෙනෙකුත් ඉහළ මන්ත්‍රීවරුන් සිටින රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

වැඩිම කොරෝනා ආසාදිත පහළ මන්ත්‍රීවරුන් වාර්තා වී තිබුණේ භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී.) පක්ෂයෙන් බවත් එම පිරිස 12 දෙනෙකු බවත් NDTV නාලිකාව සඳහන් කර තිබුණි.

මාස 06කට පසුව පැවැති මෙම පාර්ලිමේන්තු සැසිවාරය ඉතාමත් දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසි යටතේ පැවැති අතර පොලි-කාබන් තහඩු යොදාගෙන මන්ත්‍රීවරුන්ව වෙන් කර තැබීම, මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීම සහ වාචික ප්‍රශ්න පිළිතුරු වෙනුවට ලිඛිත ප්‍රශ්න පිළිතුරු ලබා දීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සලකුණු කිරීම සඳහා විශේෂ දුරකථන යෙදුමක්ද හඳුන්වා දී තිබේ.

ඉන්දියාව තුළ අනිකුත් රටවලට වඩා වේගවත්ව කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන බවද සෞඛ්‍ය සංවිධානයන් ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ ලෝකයේ ඉක්මණින් සාර්ථකම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවන රටින් ඉක්මණින් එන්නත මිලදී ගැනීමට කටයුතු සුදානම් කරන බවයි.

Rate this item
(0 votes)