March 28, 2024

අපේක්ෂා භංග ව නෞකා ගොඩබිමට 

මලයාසියානු යානය කඩා වැටුණු ස්ථානය යැයි සැක කෙරෙන නව නිරීක්ෂණ කලාපයේ ප්‍රථම වරට සෝදිසි මෙහෙයුම් දියත් කළ චීන සහ ඕස්ටේ‍්‍රලියානු නෞකාවලට යානය පිළිබඳ හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් එම මෙහෙයුම් අතහැර දැමීමට සිදු ව තිබේ.

සුන්බුන් ගොඩබිමට රැගෙන යාමේ අපේක්ෂාවෙන් එම නෞකා ඊයේ එම කලාපයට පැමිණ තිබේ.

කෙසේ වුව ද අද යළිත් වරක් එම නෞකාව එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව  විදෙස් වාර්තා සඳහන් කරයි.

මගීන් 239 දෙනෙකු රැගෙන යමින් සිටි එම යානය ඉන්දියන් සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයේ දී සිය ගමන කෙළවර වී ඇති බවට වාර්තා වී අදට දින 06 ක් ගත ව ඇත.

Rate this item
(0 votes)