September 21, 2020

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක දැවැන්ත ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එළවළු සහ පළතුරු අලෙවි කරන සුපිරි වෙළෙඳ සංකීර්ණයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්න හටගෙන තිබෙන්නේ එමීර් රාජ්‍යයේ අජ්මාන්හි නව කාර්මික ප්‍රදේශයේ ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණයක ය.

ගින්න නිවීම සඳහා මේ වන විටත් ගිනි නිවන හමුදාවන් සහ ආරක්ෂ අංශ කටයුතු කර ඇති බවට සඳහන් වෙයි. එම ප්‍රදේශයේ මාර්ගයන් ද වසා ඇති බවත් සඳහන්. 

ගින්න හට ගෙන තිබුණේ අද (05) එරට වෙලාවෙන් සවස 6.30ට පමණ වන අතර ගිනි නිවන අංශයන් සහ ආරක්ෂ අංශයන් එක්ව ගින්න සාර්ථකව පාලනය කිරීමට සමත්ව තිබේ.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවට වාර්තා වේ.

Rate this item
(0 votes)

Live