April 19, 2024

ලෙබනනයේ පිපිරීමෙන් 78ක් මරුට, 4000කට තුවාල - කොවිඩ් නිසා තවත් අර්බුදයක්

ලෙබනනයේ අගනගරය වන බේරූට් හී අධි බලැති පුපුරන ද්‍රව්‍ය තිබූ ගබඩාවක සිදු වී පිපිරීමක් හේතුවෙන් ලෙබනන තුළ ඉතාමත් ඛේදජනක තත්ත්වය උද්ගත වී තිබේ.

පිපිරීම නිසා විසි වූ විදුරු කැබැලි වැදීමෙන් විශාල පිරිසක් ද තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. ලෙබනනයේ උතුරු සිමාවේ සිට බේරූට් දක්වා දිවෙන අධිවේගී මාර්ගයටද වැටී ඇති බවත් වාර්තා වෙයි.

මෙලස පුපුරා ගොස් තිබුණේ වසර 06ක පමණ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගයකි. පිපිරීමට හේතුව සොයා මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති අතර ලෙබනනයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂක කවුන්සිලය පවසා ඇත්තේ වගකිව යුත්තන්ට හැකි උපරිම දඬුවම් ලබා දෙන බවයි. 

මෙම පිපිරුම නිසා රෝහල් ඇතුළු තවත් විශාල දේපළ හානියක් සිදුව ඇති බවද සඳහන්.

මේ වන විට කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වෙන කර ඇති රෝහල්වලට ද පිපිරීම නිසා තුවාල ලැබූ රෝගීන් ඇතුළත් කරමින් සිටින බවත් වාර්තා වෙයි. මේ නිසා අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවද එරට බලධාරීන් පවසා සිටියි. ලෙබනනයේ මේ වන විට කොරෝනා රෝගීන් 5062ක් සිටියි.

Rate this item
(0 votes)