April 19, 2024

තරුණ පිරිසට රැකියා මිලියනයක් අහිමි වීමේ අවදානමක්

බ්‍රිතාන්‍යයේ රැකියාවල නිරත වෙන එරට තරුණ පිරිස් හට රැකියා අහිමි වීමේ අවදානමක් ඇතිව තිබෙන බව නවතම වාර්තාවක් මඟින් අනාවරණය වී තිබේ. මෙම වාර්තාව මඟින් අනාවරණය කරන්නේ බ්‍රිතාන්‍ය රජය මෙයට මැදිහත් වීමක් නොකළහොත් වසර අවසානය වන විට මිලියනයකට අධික පිරිසකට රැකියා අහිමි වී යා හැකි බවයි.

එක්සත් රාජධානියේ ප්‍රගතිශීලී චින්තනයක් වන රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (අයිපීපීආර්) විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් ව තිබුණි.  

ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ කොරොන වෛරස් වසංගතය හේතුවෙන් ආර්ථික තත්වය නරක අතට හැරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18 ත් 24 ත් අතර ළමුන් සඳහා විරැකියා මට්ටම මේ වසරේ දෙගුණයක් විය හැකි බවයි.

අයිපීපීආර් හි නව විශ්ලේෂණයකට අනුව ඉදිරි මාස හය තුළ තවත් තරුණ තරුණියන් 620,000 ක් රැකියා විරහිත වනු ඇත - දැනටමත් රැකියාවෙන් බැහැරව සිටින 400,000 කට වැඩි බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)