April 20, 2024

රත්‍රංවලින් නිර්මාණය කළ මුහුණු ආවරණයක් පළඳින පුද්ගලයෙක්

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ පිරිසක් මුහුණු ආවරණ පැළැඳීමට යොමු විය. අද වන විට මුහුණු ආවරණයන් විලාසිතාවක් බවටද බොහෝ දෙනෙකු පත් කරගෙන සිටි.

 පුද්ගලයෙකු රත්‍රංවලින් නිර්මාණය කළ මුහුණු ආවරණයක් පැළැඳු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියානු රුපියල් ලක්ෂ 2.89ක් වටිනා මෙම මුහුණු ආවරණය අයිතිව තිබුණේ ශන්කර් කුර්දේ නම් ව්‍යාපාරිකයෙකු හටයි. ඔහු මෙම මුහුණු ආවරණය ගැන සඳහන් කරමින් පවසා තිබුණේ එම මුහුණු ආවරණයේ ඇති කුඩා සිදුරු නිසා හුස්ම ගැනීමට පහසු බවයි. එය කොවිඩ්-19 රෝගය සඳහා කෙසේ බලපානවාද යන්න පිළීබඳව ඔහුට අදහසක් නැති බවද ඔහු සඳහන් කර තිබුණා.

 

Rate this item
(0 votes)