April 19, 2024

ව්ලැද්මියර් පුටින් 2036 වනතුරු රුසියානු ජනපති ධූරයේ කටයුතු කරයි

වර්ෂ 2036 වනතුරු රුසියානු ජනපති ව්ලැද්මියර් පුටින් හට බලයේ සිටීමට එරට ජනතාව අවකාශය ලබා දී තිබේ. ඒ අනුව දැන් වයස අවුරුදු 67ක් වන රුසියානු ජනාධිපතිවරයාට අවුරුදු 83 දක්වා රුසියාවේ බලයේ රැඳී සිටීමට මෙමඟින් හැකිවනු ඇත. 

ව්‍යාවස්ථා සංශෝධනයක් මඟින් තමන්ගේ පාලන කාලය දිර්ඝ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් පැවැත් වූ අතර එහිදී එරට ජනතාවගෙන් 78%ක් එම ව්‍යාස්ථා සංශෝධනයට කැමැත්ත පළ කළ අතර 21%ක් එයට විරුද්ධව ඡන්දය භාවිත කළේය.

2000 වසරේ දී ජනාධිපති ධූරයට පත් පුටින් මේ වන විට පුරා දශක 02ක පමණ කාලයක් අග්‍රාමාත්‍ය ධූරයේ ද, ජනාධිපති ධූරයේ ද වැඩ කටයුතු කරමින් බලයේ රැඳී සිටි. 

ඔහුගේ වර්තමාන ජනාධිපතිධූරය අවසන් වීමට නියමිතව ඇත්තේ ද 2024 වසරේ දීය.

Rate this item
(0 votes)