April 18, 2024

ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වය නවත්තන්න එන ජාතික ආරක්ෂක බලකාය

ඇමෙරිකාවේ හටගෙන තිබෙන දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ජාතික ආරක්ෂක බලකාය ප්‍රාන්ත 24ක් පුරාවට අද (01) සිට සක්‍රීය කර ඇති බව වාර්තා වෙයි. ඇරිසෝනා, කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ඉලිනොයිස්, මිචිගන්, මිනසෝටා, ඔරිගන්, කෙන්ටකි, උතුරු කැරොලිනා, ටෙක්සාස්, ටෙනසි ​​සහ වොෂිංටන් ප්‍රාන්තයන් ඒ අතර වෙයි.

මේ වන විට ඇමෙරිකාව පුරා එරට ජාතික ආරක්ෂ බලකායේ 62,000ක් සේවය කරයි. මෙම පිරිස ගංවතුර තත්ත්වයන්, ගිනි ගැනීම් ඇතුළු ස්භාවික විපත් මෙන්ම වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ද මෙම බලකාය තමන්ගේ කාර්ය ඉටු කරමින් සිටියි.

මේ වන විට සිවිල් ජනතාව විසින් ආරම්භ කර ඇති නොසන්සුන්කරී මෙන්ම ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම ආරක්ෂක බලකායේ 16,000ක් යොදවා ඇති බව ඇමෙරිකා ජාතික ආරක්ෂක බලකායේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු වන ජෝශප් ලෙන්ජියෙල් පවසා තිබේ.

මෙම ජාතික ආරක්ෂ බලකාය ඇමෙරිකාවේ ගුවන් හමුදාවට අයිති බලකායක් වෙන අතර මෙය නිර්මාණය කර තිබෙන්නේ අර්ධ කාලීන සහ පුර්ණ කාලීන යුධ භටයන්ගෙන් සහ තෝරාගත් සිවිල් වැසියන් පිරිසක් යොදාගෙනය.

මෙම ජාතික ආරක්ෂ බලකාය බොහෝ විට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් යටතේ පවතින නමුත් එරට ඇතිවෙන විශේෂ තත්ත්වයන් හමුවේ ජනාධිපතිවරයාට එහි බලය හිමිවේ. මෙම ජාතික ආරක්ෂ බලකායේ නිලධාරීන් බොහෝ අවස්ථාවල තමන්ගේ ප්‍රාන්තයට පමණක් සේවය කරන අතර හදිසි අවස්ථාවකදී රටේ ඕනෑම තැනක ක්‍රියාත්මක වීම සඳහා ඔවුන්ට හැකිය.

Rate this item
(0 votes)