April 24, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ව අධි ආරක්ෂිත භූගත බංකරයට ගෙන යයි

විරෝධතාකරුවන් දින 06ක් පුරාවට නොකඩවා ගෙන යන ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ ඩි.සී වොෂින්ටන් නුවරද දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් 46 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් නිලධාරීයෙකු විසින් දණහිසෙන් ගෙල සිර කිරීම නිසා මරණයට පත්වීමත් සමඟ ඇමෙරිකාව ඉතාමත් දැඩි ප්‍රචණ්ඩකාරී උණුසුම් තත්ත්වයකට මුහුණ දී තිබේ.

වොෂිටන් නුවර ධවල මන්දිරය අසළ ඇති ගොඩනැගිලිවලට අලාභ හානි කරමින් වාහන ගිනි තබමින් හා ගොඩනැගිලිවලට පහර දෙමින් විරෝධතාකරුවන් ධවල මන්දිරය අසළටම පැමිණීම නිසා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තකා ධවල මන්දිර ආරක්ෂ අංශ විසින් මන්දිරයේ පිහිටා ඇති අධි ආරක්ෂිත භූගත බංකරය වෙත රැගෙන ගොස් ඇතිබවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ට්විටර් සටහන්වලින් විරෝධතාකරුවන් විවේචනය කිරීමත් සමඟ විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය තවත් ඉහළ ගිය බව බොහෝ දෙනෙක් පවසයි. ට්විටර් සමාජජාල මාධ්‍ය පවා ජනාධිපතිවරයාගේ සමහර ප්‍රකාශ ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ ඒවා වෛරීය ප්‍රකාශ ලෙස නම් කරමිනි. 

Rate this item
(0 votes)