April 25, 2024

කොරෝනා අස්සේ ඇමෙරිකාව ගිනියම් වෙයි - පොලිස් ස්ථානත් ගිනි තබයි

ජෝර්ජ් ෆොල්යිඩ් නම් කළු ඇමෙරිකන් ජාතිකයෙකු එරට පොලීස් නිලධාරීයෙකු අතින් මිය යාමත් සමඟ ඇමෙරිකාවේ සමාජය තුළ දැඩි උණුසුම්කාරී මුහුණුවරක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

ඇමෙරිකාවේ Minneapolis (මිනියාපොලිස්) ප්‍රදේශයේ පොලීස් ස්ථානයේ නිලධාරීයෙකු විසින් නිරායුධ 46 හැවිරිදි කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන බිම දමා තමන්ගේ දණහිසෙන් ඔහුගේ ගෙල සිරකරගෙන සිටින අවස්ථාවක් වීඩියෝ කර තිබූ අතර එය සමාජජාල වෙබ් අඩවි තුළද සංසරණය වී තිබුණි. එම අවස්ථාවේ ගිල සිරවීමෙන් එම පුද්ගලයා මිය ගොස් තිබුණි.

එම අවස්ථාවට පොලිස් නිලධාරීන් 04 දෙනෙකු සම්බන්ධ වී තිබුණු අතර ඔවුන් සියලු දෙනාව ඝාතනයක් සිදු කිරීමේ වරදට වැරැදිකරුවන් කර දඬුවම් ලබා දෙන මෙන්ම ඝාතනය ලක් වූ ජෝර්ජ් ෆොල්යිඩ්ගේ පවුලේ සමාජිකයන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි. නමුත් පැහැදිළි සාක්ෂි තිබිය දී එයට පියවර නොගත් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ තවමත් එම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි රැස් කරමින් සිටින බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කුපිත වූ පිරිස් පොලිස් ස්ථානයට පහර දී ගිනි තබා විනාශ කර දමා තිබුණි. තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ජාතික ආරක්ෂ බලකායේ සහාය පැතීමටද එම ප්‍රදේශයේ නගරාධිපතිවරයාට සිදුව තිබේ. 

නගරාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් සිව් දෙනාව සේවයෙන් පහ කර තිබුණත් තත්ත්වය උණුසුම්කාරීව පවතින බව සඳහන් වෙයි. නගරයේ බොහෝ මාර්ග අවහිර කරමින් බොහෝ පිරිසක් උද්ඝෝෂණයන්ගේ නිරත වෙන බවත් වාර්තා වෙයි. ඇමෙරිකාව තුළ කොරෝනා අවදානම පැතිරී ගොස් තිබුණද පුද්ගලයින් එම අවදානම නොතකා ජෝර්ජ් ෆොල්යිඩ් වෙනුවෙන් ඉදිරිපත් වී තිබීම ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට මෙන්ම අවධානයට යොමු වී තිබේ.

Rate this item
(1 Vote)