April 19, 2024

ඉන්දියාව දුම්රිය සේවා යළි ආරම්භ කරයි

ඉන්දියාවේ දුම්රිය සේවය හෙට (12) සිට ආරම්භ කිරීමට සුදානම්ව සිටින බව වාර්තා වෙයි. නමුත් මෙම දුම්රිය ගමනා ගමන තෝරාගත් සීමිත දුම්රිය මාර්ග ප්‍රමාණයක පමණක් දුම්රිය ධාවනය වනු ඇත.

ඒ අනුව නවදිල්ලි - මුම්බායි ඇතුළු තෝරාගත් දුම්රිය මාර්ග 15ක පමණක් දුම්රිය ධාවනය වේ. ඊට අමතරව විශේෂ සේවා දුම්රිය කිහිපයක් ද යෙදවීමට නියමිතව ඇත. කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා ලබා දී ඇති දුම්රිය මැදිරි 20,000 ඒ අයුරින් පවත්වා ගෙන යන බවත් සංක්‍රමණික කම්කරුවන් ප්‍රවාහන සඳහා දුම්රිය 300ක් දිනපතා ධාවනය කිරීමටත් සුදානම් කර ඇතැයි ද ඉන්දියානු දුම්රිය දෙපාර්තුමේන්තු මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

දුම්රියේ යන මඟින් ව දැඩි පරික්ෂාවකට ලක් කිරීමටද කටයුතු කරන බව වාර්තා වෙන අතර මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කර තිබේ. 

Rate this item
(0 votes)