April 20, 2024

උත්සව නැතුවම රුසියාව 75 වැනි විජයග්‍රාහී දිනය සමරයි

දෙවෙනි ලෝක යුද්ධයේ දී නාසි ජර්මනියට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයේ 75 වැනි සැමැරුම මෙවර රුසියාව උත්සව අවම කොට පවත්වා තිබේ. ඒ අනුව සම්ප්‍රදායිකව පවත්වන දැවැන්ත යුධ පෙළපාලියද මෙවර නැවැත්වීමට තීරණය කර තිබුණි.

රුසියාව තුළ කොරෝනා වසංගතය ඉහළ යෑම සහ ලෝකඩවුන් කිරීම නිසා මෙවර උත්සව කටයුතු නවතා දැමීමට සිදුව තිබුණි. රුසියානු ජනාධිපතිවරයා ව්ලැඩිමීර් පුටින් රෝස මල්වඩමක් ද රැගෙන ලෝක යුද ස්මාරකය වෙත ගොස් තමන්ගේ ආචාරය පුද කළ බවද රුසියානු මාධ්‍ය සඳහන් කරයි.

වෙනදාට විජයග්‍රාහී දිනට එකතු වෙන ජනතාව තමන්ගේ නිවෙස්වල සිටිම සමාජ මාධ්‍ය ඔස්සේ විජයග්‍රාහී දිනය පිළිබඳව විවිධ ප්‍රකාශයන් සහ වීඩියෝ එක්කරමින් තමන්ගේ අදහස් බෙදා ගත් බවද සඳහන් වෙයි. 

රුසියාවට අතිශයෙන්ම වැදගත් දිනයක් ලෙස මෙම විජයග්‍රාහී දිනය සමරනු ලබන අතර එහිදී දෙවෙනි ලෝක යුද්ධ සමයේ දී දිවි අහිමි වු මිලියන 26ක ජනතාවක් අනුස්මරණය කරනු ලබයි. 

මෙවර ප්‍රහාරක යානා කිහිපයක් මොස්කව් නුවරට ඉහළින් පියාසැරිය නිතර වු අතර කුඩා පිරිසකගෙන් යුතු සෙබළුවන් පිරිසක් ජනපති පුටින් ඉදිරියේ ආචාර පෙළපාලියක් පැවැත්විය. එරට රූපවාහිනි සේවා තුළ පසුගිය වසරක විජයග්‍රාහී උත්සවයක ආචාරය පෙළපාලියක් නැවත විකාශ කර තිබුණු බවද සඳහන් වෙයි.

මේ වන විට රුසියාවේ කොරෝනා ආසාදිතයන් 198,676ක් වාර්තා වෙන අතර මරණ 1,827ක් වාර්තා වෙයි. ඊයේ (09) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 10,817ක් වාර්තා වී තිබුණී. 

Rate this item
(0 votes)