April 24, 2024

හිටපු ජනපති ඔබාමාගෙන් ජනපති ට්‍රම්ප්ට විවේවචන

වර්තමානයේ දී කොරෝනා වෛරසයෙන් දැඩිම පීඩාවට පත්ව ඇති රට බවට පත්ව තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එරට බලධාරීන් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් ද දරමින් සිටින අතර මේ වන විට ලෝකයේ වැඩිම වෛරස් ආසාදන හඳුනා ගැනීමේ පරික්ෂණ ප්‍රමාණයක් කර ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.

මේ අතර හිටපු ජනාධිපති බැරක් ඔබාමා වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති බව වාර්තා වෙයිි. ඔහු පේනවා දෙන්නේ වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම අවුල් සහගත ව්‍යසනයක් බවට පත් වී ඇති බවයි. එමෙන්ම ඔහු කියා සිටියේ රිපබ්ලිකන් අනුප්‍රාප්තිකයා රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව වගකිව යුතුය යන්නයි. 

එමෙන්ම හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ට එල්ල වී තිබුණු දුෂණ චෝදනා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා තමන්ගේ අනුප්‍රාත්තිකයාව දැඩි ලෙස විවේචනය කර ඇැති බව වාර්තා වෙයි.

නමුත් ධවල මන්දිරය පවසන්නේ ජනපති ට්‍රම්ප්ගේ පෙර නොවූ විරූ ක්‍රියා නිසා ඇමරිකානුවන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවයි.

Rate this item
(0 votes)