April 23, 2024

බ්‍රිතාන්‍ය අගමැතිගේ තත්ත්වය යහපත් අතට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු මේ වන විට ස්ථාවර මට්ටමක සහ යහපත් මානසික මට්ටමකින් පසුවන බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇති නමුත් ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැත.

පසුගිය ඉරිදා ඔහු මධ්‍යම ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ අතට හැරීම හේතුවෙන් ඊයේ දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබුණි.

එළිසබත් රැජින අගමැතිවරයාගේ පවුලට සහ ඔහුගේ ගැබිණි සහකාරියට පණිවිඩියක් යොමු කරමින් අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇති බව බකින්හැම් මාළිගය සඳහන් කළේය.

අගමැතිවරයා නියුමෝනියා තත්ත්වයෙන් නොපෙළෙන බවද වාර්තා වේ.

මේ අතර එරට කැබිනට් අමාත්‍ය මයිකල් ගොව් මහතා සිය පවුලේ සාමාජිකයෙකු වෙතින් කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීමත් සමඟ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුවී තිබේ.

(බීබීසී)

Rate this item
(0 votes)