April 16, 2024

"මම මෝඩයෙකු ලෙස හැසිරුණා" - නවසීලන්ත සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් ලබා දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එයට හේතුව වී තිබුණේ ඔහු විසින් නීති කඩ කිරීමයි.

කොරෝනා වසංගත මැඩ පැවැත්වීම සඳහා නවසීලන්තය මේ වෙන විට මාසය කාලයක් සඳහා ලොක්ඩවුන් කර ඇති අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් සහ ඔහුගේ පවුලේ පිරිස එක්ව මුහුදු වෙරළේ කාලය ගත කිරීම සඳහා ගොස් තිබුණා. නවසීලන්තයටම ඉතිහාසයේ පළමු වතාවට නිවෙස්වලට වී කාලය ගත කරන්න යැයි ඉල්ලා තිබුණු අවස්ථාවක ඔහු සියලු දෙනාගේ කැප කිරීම කඩා දැමීම කටයුතු කළ බවත් ඔහු මෝඩයෙකු ලෙස හැසිරුණු බව ඔහු ප්‍රකාශ කර තිබුණා.  

ඩේවිඩ් ක්ලාක් විසින් ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී තිබුණද එය ප්‍රතික්ෂේප වූ අතර ඒ වෙනුවට ඔහුව කැබිනට් ශ්‍රේණිගත කිරීම්වලින් ඉවත් කර ඇති අතර සහාකර මුදල් අමාත්‍යවරයා ලෙස භාර දී තිබූ තනතුර ඔහුගෙන් ඉවත් කර තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 April 2020 13:52